- ස්ථානය : 02 වන මහළ , තැපැල් මූලස්ථානය, අංක 310 , ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10.
- වායු සමනය කරන ලද , සුව පහසු ආසන පහසුකම් 178 දෙනෙකු සඳහා.
ගාස්තු (2020.03.01 දින සිට 2021-12-31 දින දක්වා වලංගු වේ)
|
විස්තරය |
ගාස්තු (රු.) |
| 01 |
අවම (පළමු පැය ) තුනට (සතියේ දින සඳහා) |
22,500.00 |
| 02 |
අවම (පළමු පැය ) තුනට (සති අන්ත සඳහා) |
27,500.00 |
| 03 |
වැඩිවන සෑම පැයකටම |
3,750.00 |
| 04 |
බහු මාධ්‍ය (Multimedia) පරිහරණය සඳහා |
7,500.00 |
| 05 |
ආපනශාලා ඉඩකඩ භාවිතය සඳහා |
3,500.00 |
| 06 |
සේවා ගාස්තු (විදුලිය හා ජලය සඳහා) |
එක් අවස්ථාවකදී මුළු මුදලින් 15% |
| 07 |
නැවත ගෙවීමට යටත් තැන්පතුව |
15,000.00 |
කොන්දේසි
- ශ්‍රවණාගාරය භාවිතා කිරීම මුදල් ගෙවා වෙන්කර ගත් කාලය තුළදී පමණක් සිදුකළ හැකි අතර , කාලසීමාව ඉක්මවා ශ්‍රවණාගාරය තුළ රැඳී සිටිය හොත් එම කාලය සඳහා වන ගාස්තුව ආපසු ගෙවන තැන්පතු මුදලෙන් අඩුකරනු ලැබේ.
- ශ්‍රවණාගාරයෙහි ඇති යන්ත්‍ර , උපකරණ හා උපාංග පරිහරණය කිරිම සදහා සේවයේ යොදවා ඇති තාක්ෂණ නිලධාරියාගේ උපදෙස් හා සහයෝගය සෑම විටම ලබා ගත යුුතුය.
- ශ්‍රවණාගාරය තුළ සිදුකිරීමට අපේක්ෂිත අමතර සැරසිලි වෙතොත් , ශ්‍රවණාගාරය වෙන් කරවා ගැනීමේදී ඒ බව සහකාර අධිකාරී (මූලස්ථාන) වෙත දැනුම් දිය යුතුය.
- ශ්‍රවණාගාරය තුළදී ආහාරපාන ගැනීම , මත්පැන් පානය කිරීම සහ දුම්බීම සපුරා තහනම් වේ.ආහාර ගැනීම සඳහා පමණක් ආපනශාලාව භාවිතා කල හැකිය.
- වැඩසටහන පැවැත්වෙන කාලය තුළදී ශ්‍රවණාගාරයේ භාණ්ඩ සහ උපකරණ වලට කිසියම් හානියක් සිදුවුවහොත් එම අලාභය , අදාළ වෙන් කිරීම සිදුකළ පාර්ශවය විසින් දැරිය යුතුය.
- වයස අවුරුදු 12 ට වඩා අඩු දරුවන් පමණක් සහභාගී වන වැඩසටහන් සඳහා අනුමැතිය ලබා දීම සිදු නොකෙරේ.
- පෙ.ව.7.00 සිට ප.ව.10.00 දක්වා වන කාලය සඳහා පමණක් වෙන් කිරීම් සිදු කළ හැකිය.
- ශ්‍රවණාගාරයේ පැවැත්වෙන වැඩසටහන් සඳහා සහභාගී වන පිරිස් වෙතින් තැපැල් මූලස්ථාන පරිශ්‍රයට ඇතුළුවීමෙන් පසු ආයතනයේ ආරක්ෂක වැඩපිළිවෙලට සහයෝගය දැක්විය යුතු අතර ,ආයතනයේ ගෞරවය ආරක්ෂා වන අයුරින් හැසිරීම අපේක්ෂා කෙරේ.
Click here to Download Booking Application